රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් මහජන සේවාවන් බිඳ වැටී සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවධානමක් පිළිබඳ ත්‍රෛනිකායික මහනාහිමිනිවරුන් ජනපතිට ලිඛිතව දන්වා තිබේ.
මහජන සුභ සිද්ධිය, ජාතික ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික ස්ථායීත්වය පදනම් කොට ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යාපාර රටේ මහජන සම්පත් ය.
එන රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළ පිළිබඳ සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බවත් ඒ තුළ විනිවිදභාවයක් නොතිබීම මෙන්ම මහජන අදහස් හා යෝජනා පිළිබඳ අවධානය යොමු නොකොට ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාජයෙන් රාජ්‍ය සම්පත් විකුණා දැමීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් උන්වහන්සේලා පෙන්වා දෙති.
ඒ තුළින් මහජන සුභසාධනය, ජාතික හා සමාජ ආරක්ෂාව පිළිබද දැඩි අවිනිශ්චිතතාවක් උද්ගත වන බවත් මහජනතාවගේ අදහස ය.
රජය විසින් ගෙනයනු ලබන මෙම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ පසුගිය කාලවකවාණුව තුළ මෙරට වෘත්තීය සමිති බහුතරයක් සිය අප්‍රසාදය රජයට පළ කරන ආකාරය දුටු බව පවසමින් මහනායක හිමිවරු ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය පහතින්.