fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ඉගෙනගන්න මොකටද ලයිට්?" ඇසූ විදුලිබල‍ේ ප්‍රකාශකයා ඉල්ලා අස්වෙයි (📹)

    “ඉගෙනගන්න මොකටද ලයිට්?” ඇසූ විදුලිබල‍ේ ප්‍රකාශකයා ඉල්ලා අස්වෙයි (📹)

    ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බවට ලංකා විදුලිබල මණ්ඩලය තමාට දැන්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    එමෙන්ම පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී තමා කළ ප්‍රකාශය පිළිබඳ ප්‍රසිද්ධියේ සමාව අයදීමට ද ඔහු කටයුතු කරන බවට දන්වා ඇතැයි අමාත්‍යවරයා කියයි.

    මෙරට පාසල් දරුවන්ට “ඉගෙන ගන්න ‍මොකටද ලයිට්? අපි පාඩම් කළෙත් ලාම්පු එළියෙන්. වතුකරයේ මිනිස්සු ජොලියේ ඉන්නේ. 2වෙද්දී බීලා” යනුවෙන් ඔහු පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පසුගියදා සම්මුඛ සාකච්ඡාවක නිරතවෙමින් පැවසීය.

    ලංවිම ප්‍රකාශකගේ ‘සම්පූර්ණ’ ප්‍රකාශය අසංවේදී සහ පිළිගත නොහැකි එකක් බවත් මේ පිළිබඳ විෂයබාර අමාත්‍යවරයා නිසි පියවර ගනු ඇති බවට තමා විශ්වාස කරන බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කළ ප්‍ර්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා මේබව කීය.

    “රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ අදහසට මම එකඟයි. ඒවගේම තවත් බොහෝ දේ ලංවිම ප්‍රකාශකගේ ප්‍රකාශයේ සංවේදනය සහ වෘත්තීයභාවයේ මඳ බව මතුකර තිබුණා. එම ප්‍රකාශය රජයේ හෝ ලංවිමේ මතය නෙවෙයි. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංවිම වෙනුවෙන් මාගේ සමාව අයැදීමට කැමැත්තෙමි. මාධ්‍ය ප්‍රකාශකවරයා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවත්, ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින බවත් ලංවිම කළමනාකාරීත්වය ද මට දන්වා ඇත. ඔහු විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එහි කළමනාකාරීත්වය ද නිසි පියවර ගනු ඇත.” යනුවෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත විසින් පළකරන ලද සමාව අයදීමේ ප්‍රකාශය පහතින්.

    රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත විසින් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කළ ආන්චෝලනයට තුඩු දුන් ප්‍රකාශය පහත වීඩියෝවෙන් දැක්වේ.

    video courtesy – AdaDerana

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img