ශ්‍රි ලංකා මහබැංකුව රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැඳවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ, ආන්දෝලනයකට තුඩු දී ඇති ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් විමසීම සඳහා ය.
මහබැංකු සේවකයන්ගේ වැටුප් වැඩිවීමේ නීතිමය පදනම සොයා බැලීම සඳහා මහබැංකුවේ නිලධාරීන් කැඳවීමට පාර්ලිමේන්තු කමිටු කිහිපයක් තීරණය කර ඇති බවට ද වාර්තා විය.
මහ බැංකුව මෙම වසරේ සිය කාර්ය මණ්ඩලයේ වැටුප් 29.53% (බොහෝ කනිෂ්ඨ කාර්යාල සහයක) සහ 76.97% (එහි ඉහළම ශ්‍රේණිය සඳහා) අතර ඉහළ නංවා ඇත.
මෙහිදී මහබැංකු අධිපතිවරයාට වැටුප් වර්ධකයක් හිමිව නොමැති බව ද වාර්තා වේ.
සෑම වසර තුනකට වරක් වැටුප් සංශෝධනය කළ යුතු සාමූහික ගිවිසුම් මත පදනම්ව සේවක සංගම් හතක් සමඟ සාකච්ඡා කිරීම හේතුවෙන් මෙම වැඩිවීම් සිදු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය මාසයේ ක්‍රියාත්මක වූ නව වැටුප් පරිමාණයන් 2026 දෙසැම්බර් දක්වා නොවෙනස්ව පවතිනු ඇත.
මූල්‍ය අංශයේ නියාමකයා වන ශ්‍රී ලංකා මහබැංකුවේ මෙම වැටුප් වැඩිවීම මාධ්‍ය තුළත් පාර්ලිමේන්තුව තුළත් දැඩි විවේචනයට ලක් වියත
රටේ ජනනතාව දිගින් දිගටම ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදෙන විට ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය (MBSL) එවැනි වැටුප් වර්ධක අනුමත කළේ ඇයිද යන්න පාර්ලිමේන්තුවේදී මැතිඇමතිවරු විසින් පසුගියදා පුළුල් ලෙස ප්‍රශ්න කරන ලදී.
ආදායම් උත්පාදනය කරන ආයතනවල ප්‍රධාන නිලධාරීන් පවා, මහ බැංකුවේ කාර්යාල සහයකයින්ට වඩා අඩු වැටුප් ලබන බව විචාරකයෝ පැවසූහ.