fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියා-යුක්රේන සංචාරකයින්ට පිටවෙන්නැයි දුන් දැනුම්දීම ගැන ජනපති අණින් පරීක්ෂණයක්

    රුසියා-යුක්රේන සංචාරකයින්ට පිටවෙන්නැයි දුන් දැනුම්දීම ගැන ජනපති අණින් පරීක්ෂණයක්

    නොමිලේ වීසා කාලය කඩින් කඩ දීර්ඝ කරන ලද, රුසියානු සහ යුක්රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

    මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බව ජනාධිපති කාර්යාලය පවසයි.

    පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව මෙම දැනුම්දීම සම්බන්ධයෙන් මෙහිදී විමසීමට ලක්කෙරේ.

    ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සංචාරකයන් සඳහා ලබාදී තිබූ නිදහස් වීසා දීර්ඝ කිරීම අවලංගු කරමින් පසුගිය 22 වැනිදා නියෝගයක් නිකුත් කළේය.

    මෙම සංචාරකයින් බොහොමයක් ව්‍යාපාරවල නිරත වී වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවට ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img