fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිවරණ වියදම් පනත ගැන දේශපාලකයන් දැනුවත් කරයි

    මැතිවරණ වියදම් පනත ගැන දේශපාලකයන් දැනුවත් කරයි

    spot_img

    ඉකුත් වසරේදී පාර්ලිමේන්තුවේ සම්මත කළ මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ, ලබන 27 සහ මාර්තු 6 යන දිනවල අදාළ දැනුවත් කිරීම් සිදු කෙරෙන බවයි.

    මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණ සඳහා මුදල් වැය කිරීම සීමා කළ යුතු වේ.

    කෙසේවෙතත් එම පනත සම්මත වීමෙන් පසු, එක් මැතිවරණයක් හෝ පවත්වා නොමැත.

    ඒ හේතුවෙන් අදාළ පනතේ විධි විධාන සම්බන්ධයෙන් දේශපාලඥයින්ට නිසි අවබෝධයක් ලබාදීමේ අරමුණින් එම හමුව කැඳවන බව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img