fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්යාපනය අධිආරක්ෂිත කලාපයේ කෝවිල් 7ක් සතිපතා වඳින්න ජනතාවට අවසර

    යාපනය අධිආරක්ෂිත කලාපයේ කෝවිල් 7ක් සතිපතා වඳින්න ජනතාවට අවසර

    ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක් සතිපතා පූජා පවත්වා වන්දනා කිරීම සඳහා අවසරය ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර ඇත.

    ඒ අනුව කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල‍, වාසවිලාන් මනම්පිරායි කෝවිල‍, වාසවිලාන් ශිවම් කෝවිල‍, වාසවිලාන් නාග කෝවිල‍, පලාලි රාජ රාජේශ්වරී කෝවිල‍, පලාලි නාග තම්පිලාන් කෝවිල‍, පලාලි ශක්තිවේලි මුරුගන් කෝවිල යන කෝවිල්වල සතිපතා පූජාවන් සදහා සිවිල් ජනතාවට අවසර හිමිවේ.

    මීට පෙර එම කෝවිල්වල මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා අවසර ලබාදී තිබුණත් කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් සතිපතා පූජාවන් සඳහා අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ආරක්ෂක සේනා ආඥාපති – යාපනය මේජර් ජෙනරාල් වන්දන වික්‍රමසිංහගේ පූර්ණ මැදිහත්වීම මත මෙම අවසරය සිවිල් ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලදී.

    කෙසේ වෙතත් පසුගිය සිකුරාදා (23) දින ආරම්භ වුණු සතිපතා පූජාව සඳහා සිවිල්වැසියන් 291 දෙනෙකු සහභාගීවන බවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ආරක්ෂක සේනා මූලස්ථානය – යාපනය වෙත දැනුම්දී තිබුණ ද ඊට සහභාගී වූයේ පුද්ගලයින් 50 දෙනෙකු පමණි.

    එසේම ඔවුන් වන්දනාමාන කිරීම සඳහා ගොස් තිබුණේ කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල‍, වාසවිලාන් මනම්පිරායි කෝවිල‍, වාසවිලාන් ශිවම් කෝවිල‍ සහ වාසවිලාන් නාග කෝවිල‍ යන කෝවිල් හතරට පමණි.

    මෙලෙස පූජාවන් සඳහා එක්වූ පිරිසට අවශ්‍ය සෞඛ්‍යය‍, ප්‍රවාහන‍, සනීපාරක්ෂක ඇතුළු සියලුම පහසුකම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සපයා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img