fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සූරියවැවදී STF වෙඩි කා පාතාල අපරාධකරුවෙක් මරුට

    සූරියවැවදී STF වෙඩි කා පාතාල අපරාධකරුවෙක් මරුට

    පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ වැල්ලේ සාරංගගේ මස්සිනා වන මස්කඩ ව්‍යාපාරිකයෙක් වන එච්.ඩී. සුනිල් නොහොත් උක්කුවාට පසුගිය 21 වෙනිදා රාගමදී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුවූ යුධ හමුදා කෝප්‍රල්වරයාව රැගත් යතුරු පැදිය පැදවූ යුද හමුදාවේ විශ්‍රාමික ලාන්ස් කෝප්‍රල්වරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රහාරයකින් අද අලුයම මරුමුවට පත්ව ඇත.

    මෙම විශ්‍රාමික සෙබලා සූරියවැව ආඩිගම වැව අසල ඇති වාඩියක සැඟවී සිටින බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ 2 හී නිලධාරීන් කණ්ඩායමත් විසින් එම ප්‍රදේශයට ගොස් කළ මෙහෙයුමකදී සිදුවූ වෙඩි හුවමාරුවකින් පසු මෙම පුද්ගලයා මරුමුවට පත්වූ බව විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය සඳහන් කළේය.

    “ සංවිධානාත්මක අපරාධ කරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි නිපුන නැමැත්තාගේ මෙහෙය විමෙන් 2024.02.21 වන දින මහාබගේ පොලිස් වසමේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු කල පුද්ගලයා සුරියවැව පොලිස් වසමේ ආඩිගම වැව අසල වාඩියක සැගවී සිටින බවට ලද විශ්වාසදායි බුද්ධි තොරතුරක් මත 2024.02.28 වන දින අලුයම් කාලයේ එම ස්ථානය ක්ෂණිකව වටලා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් ක්ෂණිකව ගිණී අවියකින් නිලධාරීන් දෙසට වෙඩි ප්‍ර‍හාරයක් එල්ල කර ඇති අතර නිළධාරින්ගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණිකව ප්‍ර‍තිවෙඩි ප්‍ර‍හාර එල්ල කල අවස්ථාවේ එම වෙඩි ප්‍ර‍හාරය හමුවේ වෙඩි වැදුණු තුවාලකරු සුරියවැව රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව ජිවිතක්ෂයට පත් වී ඇත. “යැයි විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සඳහන් කළේය.

    මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුද තුවාල ලබා සුරියවැව රෝහලට ඇතුලත් කර ඇතැයිද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    නුවන් ලක්ෂිත නැමැති මෙම විශ්‍රාමික ලාන්ස් කෝප්‍රල්වරයා වසර 25ක් හමුදා සේවයේ නිරතව සිටිවෙක් බව සඳහන්ය.

    මෙම සැකකරු 2023.08.28 වන දින, වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩිතැබීම, 2023.06.17 වන මීටියාගොඩ පොලිස් වසමේ සීනිගම දේවාලය අසලදී විදුර නැමැති සංවිධානාත්මක අපරාධ කරුගේ මස්සිනා වන දුලාජ් යන අයට කොස්ගොඩ සුජී යන සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීමෙන් මරණකරු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරිම, සහ ආසන්නම සිදුවීම වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

    මහාබගේ පොලිස් වසමේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම යන සිදුවිම් වලදී වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරු පැදිකරු ලෙස කටයුතු කර ඇති බවත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් රෙජිමේන්තු අංකය – සෙ/412530 ලෙස සේවය කර 2024/01/15 වන දින විශ්‍රාම ලබා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් විශේෂ කාර්ය බලකාය විසින් නිවේදයක් නිතුත්කරමින් සඳහන්කර ඇත.

    මෙම පුද්ගලයා දකුණු කනුමුල්දෙනිය, මීඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 වන පුද්ගලයකි. මොහු සන්තකයේ තිබී රිවෝල්වර වර්ගයේ ගිණි අවියක් සහ යතුරු පැදියක් ද විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන ඇත. වැඩිදුර විමර්ශන සඳහා එම භාණ්ඩ සූරියවැව පොලීසියට භාරදී තිබේ.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය II හි නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම විමර්ශන කටයුතු සිදුකර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img