රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල විසින් දින දෙකක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද (28) සහ හෙට (29) මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේය.
සතියක් ඇතුළත අදාළ බලධාරීන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට අපොහොසත් වුවහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට කමිටුව කියයි.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ලබාදෙන මාසික වන්දි දීමනාව ඉහළ දැමීම ඇතුළු සිය විවිධ ඉල්ලීම් සඳහා වර්ජන වෘත්තීය සමිති විසඳුම් සොයයි.
අද සහ හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය වැනි රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක විභාග දැනට ක්‍රියාත්මක වැඩවර්ජනය මධ්‍යයේ අවලංගු කර ඇති බව ද වාර්තා විය.