fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වර්ජන ඉල්ලීම් ගැන සෞඛ්‍ය වෘත්තිය සමිති ‍විශේෂ සාකච්ඡාවක

    වර්ජන ඉල්ලීම් ගැන සෞඛ්‍ය වෘත්තිය සමිති ‍විශේෂ සාකච්ඡාවක

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද(28) පැවැත්වෙයි.

    යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැයවන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

    අදාළ තාක්ෂණික වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනේ.

    රජය වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් තිස් පන්දහසක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගියදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනයෙන් අනතුරුව මෙම කමිටුව පත් කෙරිණ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.