fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිලධාරීන් රට හැර ගිහින් -ප්‍රධාන රෝහල් රැසක විකිරණ සේවා අඩාලයි

    නිලධාරීන් රට හැර ගිහින් -ප්‍රධාන රෝහල් රැසක විකිරණ සේවා අඩාලයි

    spot_img

    රෝහල්වලට විකිරණ තාක්ෂණ ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාල වී ඇතැයි, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති, චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, කුරුණෑගල මහ රෝහල, බදුල්ල මහ රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් රැසක් දැඩි අර්බුදයකට මුහුණපා ඇති බවයි.

    චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ,සේවයේ නියතු නිලධාරීන් රට හැර යාම,මේ සඳහා හේතුවී ඇති බවයි.

    සේවයට බඳවා ගැනීමට හැකි, සුදුසුකම් සම්පූර්ණ කළ පුද්ගලයින් 102 පමණ සිටින බවත්, ඔවුන් බඳවා ගැනීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර නොමැති බව සඳහන් කළ එම මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.

    විකිරණ ශිල්පින් බඳවා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ද, චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img