බීමකින් මෝටර් රථයක් පදවා රියඅනතුරක් කර පළායමින් සිටි විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙකුව කුරුඳුවත්ත පොලීසිය අත්අඩංගුව ගෙන ඇත.
පසුගිය 01 වෙනිදා සවස කොළඹ රාජකීය මාවතේදී පදික මාරුවේදී පදිකයෙකු හා තුම්මුල්ල හංදියේදී මෝටර් රථයක් අනතුරට ලක්කරමින් පළායමින් සිටි මෝටර් රථයක් හඹාගොස් පොලීසිය එය ජාවත්තේදී නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙක් බව හදුනාගෙන තිබේ.
ඒ වන විටත් ඔහු සිට ඇත්තේ බීමත්වය. බීමතින් අනතුරු දෙකක් සිදුකර පළායාම සම්බන්ධයෙන් ඔහුව එම අවස්ථාවේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
අනතුර සිදුකල මෝටර් රථයේ තිබී ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ පතොරම් 08ක්ද තිබී ඇත. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම ගිනි අවිය බලපත්‍ර සහිත එකක් බවය.
මෙම විශ්‍රාමික පොලිස් අධිකාරීවරයා කොළඹ 05 ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.