දිවයිනට බලපා ඇති එල්නිනෝ කාලගුණික තත්වය තවදුරටත් පවතින නමුත් ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.
කෙසේවෙතත් එහි බලපෑම තවදුරටත් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
ලබන අප්‍රේල්-ජුනි පමණ වනවිට එල්නිනෝ (El-Niño) සිට එන්සෝ නියුට්‍රල් (ENSO-neutral) දක්වා කාලගුණික තත්ත්වය සංක්‍රමණය වීමට ඉඩ ඇති බව ද කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළකර ඇත.
එන්සෝ නියුට්‍රල් (ENSO-neutral) කාලගුණික තත්ත්වයේදී සිදුවන්නේ වෙළඳ සුළං නිවර්තන පැසිෆික් සාගරයේ මතුපිටින් නැගෙනහිර සිට බටහිරට හමා, උණුසුම් තෙත් වාතය සහ උණුසුම් මතුපිට ජලය බටහිර පැසිෆික් දෙසට ගෙන එමින් මධ්‍යම පැසිෆික් සාගරය සාපේක්ෂව සිසිල්ව තබා ගැනීම ය.
එල්නිනෝ ක්‍රියාවලියේදී සිදුවන්නේ පැසිෆික් සාගරය අවට එකවර උෂ්ණත්වය වැඩිවීමයි. එල්නිනෝ හරහා සිදුවන්නේ සාගරයෙහි අධික උෂ්ණත්වය නිසා සාගර ජලතලය මත අඩුපිඩන කේන්ද්‍රයක් නිර්මාණය වීම ය.
ලෝකය තුල ඕනෑම දෙයක් ගලායන්නේ වැඩි තැන සිට අඩු තැනටයි. එම නිසා අඩු පීඩනයක් සහිත එම කේන්ද්‍රයට වැඩි පීඩන කේන්ද්‍රවල සිට ජලවාෂ්ප රැගෙන පැමිණීම සිදුවේ. ඒ හරහා අඩු පීඩනය නැවත වැඩි පීඩනයක් දක්වා වර්ධනය වේ. බොහෝ අවස්ථාවලදී මෙම එල්නිනෝ ක්‍රියාවලියේ බලපැම නිසා අවට ගොඩ බිම්වල ජලවාෂ්ප අඩු පිඩනයට ඇදියාම සිදුවෙයි.
එල්නිනෝ බලපෑමෙන්:-
- සුළං රටාවේ වෙනස්වීම් හටගැනීම
- ගොඩබිම්වල වාෂ්පිකරණය වැඩිවීම
- ලෝකයේ එක ප්‍රදේශයකට නියගයක් ද තවත් ප්‍රදේශයකට අධික වර්ෂාපතනයක්ද ක්‍රියාත්මක වීම
- ජලය ප්‍රසාරණය නිසා තරංගවල වේගය වැඩිවීම සහ වෙරළ ඛාදනය වේගවත් වීම
- ග්ලැසියර් කලාපවලට තර්ජන සිදුවීම
- අවට ගොඩබිම්වල ලැවුගිනි හටගැනීම වැනි දේවල් සිදුවිය හැකිය.