ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කණ්ඩායමක් මේ සතියේදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ඒ එම අරමුදල විසින් මෙරටට අනුමත කරන ඇති විස්තීරණ ණය පහසුකමට(EFF) අදාළව සිදුකළ යුතු 2වැනි සමාලෝචනය සිදුකිරීම සඳහා ය.
අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක එම ණය වැඩසටහන යටතේ IMF විසින් වාරික 2ක් මේ වනවිට ශ්‍රී ලංකාවට ලබාදී ඇත.
3 වැනි වාරිකය අනුමැතියට පෙර සිදුකළ යුතු 2වැනි සමාලෝචනය ලබන 7 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
පෙර වාරික භාවිතයට යොදාගැනීමේදී දෙපාර්ශ්වයේ එකඟතා සහ කොන්දේසි සපුරා තිබේද? වගකීම් කොයි ආකාරයට ඉටුකර තිබේද? මෙරට ආර්ථික ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකාව නිසි ඉලක්ක සපුරා තිබේද? යන්න මෙම සමාලෝචනයේදී සළකා බැලේ.
සති 2කට ආසන්න කාලයක් ඔවුන් අදාළ සමාලෝචනය සිදු කරනු ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ රජය විසින් එකඟ වූ මූලික ප්‍රතිපත්ති දැනටමත් ක්‍රියාත්මක කර ඇති බැවින් පළමු සමාලෝචනයට වඩා මෙය පහසු වනු ඇතැයි විශ්වාස කරන බවයි.
සමාලෝචනය සාර්ථක වුවහොත් අමෙරිකානු ඩොලර් මිලියන 334ක් වන තුන්වැනි වාරිකය ද ශ්‍රී ලංකාව වෙත නිදහස් කෙරෙනු ඇත.
පසුගිය දෙසැම්බර් 31 වනදා දක්වා මෙරට රජයේ මූල්‍ය තත්ත්වය සහ IMF සමඟ එළැඹුණු අනෙකුත් එකඟතා සම්පූර්ණ කිර්ම පිළිබඳව සමාලෝචනය කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබුණි.