fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් සිසුවෙක් වැඩිහිටි විදෙස් කතකට වෙරළේදී අතවර කරලා

    පාසල් සිසුවෙක් වැඩිහිටි විදෙස් කතකට වෙරළේදී අතවර කරලා

    මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින 30 හැවිරිදි ජර්මන් කතකට අතවර කළ අවුරුදු 13ක් වයසැති පාසල් සිසුවෙකුව තංගල්ල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම ජර්මන් කත කුඩාවැල්ල මෝදරවත්ත ආසන්න වෙරළ තිරයේ තනිවම ගමන්කරමින් සිටියදී මෙම සිසුවා ඇය සමඟ කුළුපගු වී අතවර කර ඇති බව පොලීසිය කියයි.

    සිසුවා සුනඛයෙකු රැගෙන වෙරළේ ඇවිදිමින් සිටියදී මෙම ජර්මන් කත මුණ ගැසී ඇති බවත් ලස්සන තැනක් පෙන්වන්නට ඇතැයි කියා ඇයව වැටකෙයියා පදුරක් අතරට රැගෙන ගොස් අතවර කර ඇති බවත් පොලීසිය කියයි.

    මෙම සිදුවීම පසුගිය 02 වෙනිදා සිදුව ඇති බවත් සැකකාර සිසුවා ඊයේ 03 අත්අඩංගුවටගත් බවත් පොලීසිය කියයි.

    සිසුවා නාකුළුගමුව මෝදරවත්තේ පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.