fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැලණිය සරසවියේ සිසුන් 3ක් රහස් පොලිස් අත්අඩංගුවට

    කැලණිය සරසවියේ සිසුන් 3ක් රහස් පොලිස් අත්අඩංගුවට

    කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    පොලොන්නරුව, කහවත්ත සඑ මොණරාගල පදිංචි සිසුන් තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    කැලණිය විශ්වවිද්‍යාලයේ 03වන වසරේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙකු බලහත්කාරයෙන් රැගෙනගොස් සිරකර තර්ජනයකර නවකවදය ලබාදීම මෙම සිසුන් තිදෙනාට එල්ලවී ඇති චෝදනාවන්ය. ඒ සම්බන්ධයෙන් ඔවුන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.