fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවන්හල් ඉස්සූ ගණන් බස්සයි

    අවන්හල් ඉස්සූ ගණන් බස්සයි

    ආහාර මිල ගණන් අද(05) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

    පසුගියදා ඉහළ දැමූ ආහාරපාන වර්ගවල මිල ගණන් එලෙසම අඩු කරන බව එහි සභාපති හර්ෂණ රුක්ෂාන් කීය.

    විදුලිබිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු සදහන් කළේය.

    මේ අතර විදුලි ගාස්තු පහත දැමුවද ජල ගාස්තු අඩු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද මෙතෙක් අවධානය යොමු කර නොමැති බව එම මණ්ඩලය පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.