fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආධුනික කොස්තාපල්වරියකට අතවර කළ කල්පිටිය හිටපු OIC රිමාන්ඩ්

    ආධුනික කොස්තාපල්වරියකට අතවර කළ කල්පිටිය හිටපු OIC රිමාන්ඩ්

    සිය පොලිස් ස්ථානයේ සේවයට පැමිණි ආධුනික කොස්තාපල්වරියකට අතවර කළ කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි පොලිස් පරීක්ෂක සුගත් නිශාන්ත කුමාර මහතා ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලරත්න මහත්මිය අද (06) මෙම නියෝග කළාය.

    මෙම චෝදනාව සම්බන්ධයෙන් ඇප මත සිටි පොලිස් ස්ථානාධිපතිවරයාව රක්ෂිත බන්ධනාගාරගතකරනු ලබන්නේ පැමිණිලි පාර්ශවයට තර්ජනය කිරීම සහ බළපෑම් කිරීමේ චෝදනාව හේතුවෙන් වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ය.

    සිය පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරියට දිගින් දිගටම කළ අතවර කිරීම සම්බන්ධයෙන් වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලද පැමිණිල්ලකට අනුව කුලියාපිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ මෙහෙයැවීමෙන් විමර්ශනයක් ආරම්භකරනු ලැබීය.

    ඊට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් වූ අවස්ථාවේදී සේවයට වාර්තා නොකර කට්ටි පනිමින් සිටියේය.

    ඒ සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තාකර ඊට අදාල නඩුව පසුගිය මස 12 දා කැදවූ අවස්ථාවේ සැකකාර ස්ථානාධිපතිවරයා උසාවියේ පෙනී සිටියේ නැත.ඔහු වෙනුවෙන් නීතීඥ නියෝජනයක් ද නොවීය. ඊට පසු දින මෝෂමක් මගින් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් විය. එහිදී අධිකරණය විසින් රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත ඔහුව මුදා හැරිණි.

    නඩුව නැවත අද(06) කැදවූ අවස්ථාවේ ස්ථානාධිපතිවරයා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img