fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තමන්ගේ රුව යොදාගෙන ඕන කෙනෙකුට වලංගු මුද්දරයක් ගන්න අවස්ථාව

    තමන්ගේ රුව යොදාගෙන ඕන කෙනෙකුට වලංගු මුද්දරයක් ගන්න අවස්ථාව

    තම රූපය යොදා ගනිමින් මුද්දරයක් ලබාගැනීමේ හැකියාව දැන් ජනතාවට ලබා දී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    මේ සඳහා කැමැත්ත දක්වන සියළු දෙනාට අවශ්‍ය කටයුතු මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවෙන් සිදුකර ගත හැකි බව තැපැල්පති රුවන් සත්කුමාර පවසයි.

    ඒ සඳහා අයකරනු රුපියල් 2000ක මුදලක් අයකරනු ලබයි.

    “මම හිතන්නේ කවුරුවත් දන්නේ නැතිව ඇති තමන්ගේ පින්තුරේ දාලා මුද්දරයක් ගහන්න පුලුවන් කියන එක. දැන් අපි අයකරන්නේ රුපියල් 2000යි මුද්දර 20ක ශීට් එකක් දෙනවා.

    මේක සමහරවිට තමන්ගේ උපන්දිනයට වෙන්න පුළුවන්, තමන්ගේ යාළුවාගේ උපන් දිනයට වෙන්න පුළුවන්, තමාගේ දුවගේ පුතාගේ වෙඩින් එකට වෙන්න පුළුවන් වෙඩින් ඉන්විටේෂන් එක යවන්න ඒ දෙන්නාගේ පින්තුරය දාපු මුද්දරයක් ගහලාම යවන්න පුලුවන් හැකියාව තියනවා.

    මේක සාමාන්‍ය තැපැල් මුද්දරයක් විදිහටම භාවිතා කරන්න පුළුවන්. මේ සම්බන්ධව අවශ්‍ය නම් අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගන්න පුලුවන්. ඔයාලගේ ජීවිතේ වැදගත්ම අවස්ථාවක තමන්ගේ රෑපේ තියන මුද්දරේකට එන්න පුලුවන්” යැයි ඔහු පවසනවා.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img