fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගල්නෑව මධ්‍ය විද්‍යාලයේ ගැටුමක්

    ගල්නෑව මධ්‍ය විද්‍යාලයේ ගැටුමක්

    ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරු දෙදෙනෙකු සිසුවෙකුගෙන් පහරකෑමට ලක්වත් ගුරුවරයෙකුගේ පහරකෑමට ලක්ව සිසුවෙකුත් ගල්නෑව සහ අනුරාධපුර රෝහල්වලට ඇතුලත්කර ඇත.

    ගුරුවරුන් දෙදෙනාට පහරදීම සම්බන්ධයෙන් බුල්නෑව ලෝලුගස්වැව පදිංචි 17 හැවිරිදි සිසුවෙකු ගල්නෑව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වෙනුවෙන් ක්‍රීඩා පුහුණු වීම්වල නිරතව සිටියදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් ඊයේ පහරදීමක් සිදුව ඇති බව පොලීසිය කියයි.

    එම ගැටුම මැඩපැවැත්වීමට යාමේදී ගුරුවරු දෙදෙනෙක් විසින් කළ පහරදීමකින් සිසුවෙකුට තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. ගුරුවරුන්ගෙන් පහරකෑමට ලක්වූ අවුරුදු 15ක් වයසැති එම සිසුවා ප්‍රතිකාර ගැනීමට ගල්නෑව රෝහලට ඇතුලත්කර තිබේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුහලේ ක්‍රීඩාභාර ආචාර්යවරයා තවත් ගුරුවරයෙකු සමඟ මෙදින සවස තුවාල ලැබූ සිසුවා පදිංචි බුල්නෑව ලෝලුගස්වැව නිවසට ගොස් ඇත. එහිදී එම ගුරුවරුන් දෙදෙනාට තුවාල ලැබූ සිසුවාගේ සහෝදරයාත් තවත් කිහිප දෙනෙකුත් එක්ව පහරදී ඇති බව පොලීසිය කියයි.

    පහරකෑමට ලක්වූ ගුරුවරුන් දෙදෙනාගෙන් අයෙක් අනුරාධපුර රෝහලටත් අනෙත් ගුරුවරයා ගල්නෑව රෝහලටත් ඇතුලත්කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම පහරදීමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img