fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොත්මලේ ජලාශයේ දියේ ගිලෙමින් සිටි කත බේරාගත් යුද්ධ හමුදා සෙබළාගේ සේවය ඇගයේ

    කොත්මලේ ජලාශයේ දියේ ගිලෙමින් සිටි කත බේරාගත් යුද්ධ හමුදා සෙබළාගේ සේවය ඇගයේ

    සියදිවි හානි කරගැනීමේ අරමුණින් කොත්මලේ ජලාශයට පැන දියේ ගිලෙමින්සිටි කාන්තාවකගේ දිවි බේරාගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.එච්.පී ප්‍රභාත්⁣ගේ සේවය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ විසින් අගය කරනු ලැබිණ.

    එම සෙබළ යුද්ධ හමුදා මූලස්ථානයට අද(06) කැඳවා යුද්ධ හමුදාධිපති ප්‍රශංශා පදක්කම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පළඳවනු ලැබිණ.

    අදාළ සෙබළා නිවාඩුමත සිටියදී තම පුද්ගලික අවශ්‍යතාවයක් වෙනුවෙන් තලවාකැලේ නගරයට යමින් සිටියදී ඉහළ කොත්මලේ ජලාශය අසළින් ගමන් කරද්දි ඇසුණු ශබ්දය පිළිබඳ සෝදිසි කරද්දි කාන්තාවක් අඩි විස්සක පමණ ඉහළ සිට කොත්මලේ ජලාශයට පැන ඇති බවත් එහි රැස්ව සිටි පිරිසට ඇය බේරාගැනීමට ඉදිරි පත්වීමට නොහැකිව තිබූ බව දැනගත් අදාළ සෙබළා වහාම ක්‍රියාත්මක වී අදාළ කාන්තාවගේ ජීවිතය බේරාගෙන ඇත. ඔහුගේ මෙම වීර ක්‍රියාවට තලවාකැලේ පොලිස් නිලධාරීන්ද සහයෝගය ලබාදී අතර මෙම සෙබළාගේ සේවය ශ්‍රීලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින්ද අගය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.