fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාන්තාවන් වෙනුවෙන් පනත් කෙටුම්පත් දෙකක්

    කාන්තාවන් වෙනුවෙන් පනත් කෙටුම්පත් දෙකක්

    කාන්තාවන් වෙනුවෙන් පනත් කෙටුම්පත් 2ක් ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අද (08) පෙරවරුවේ අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් ‍කෙටුම්පත් දෙකක් මෙලෙස ඉදිරිපත් කරන බව ය.

    කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දීම මඟින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ බවත් ඔහු මෙහිදී කීය.

    කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත ඊයේ (07) දිනයේදී ගැසට් කළ අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත එළැඹෙන සතියේ දී ගැසට් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    මේ අතර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ද ඉදිරියේදී ගෙන ඒමට කටයුතු කරන බවත්, එය ආසියාවේ පළමු වරට සිදු කෙරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img