fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝහල් නාන කාමරයකදී රෝගී සිසුවෙකුට ලිංගික අපයෝජනයක්

    රෝහල් නාන කාමරයකදී රෝගී සිසුවෙකුට ලිංගික අපයෝජනයක්

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි රෝගී සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකල රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම අපයෝජනය සිදුව ඇත්තේ රෝහල් නාන කාමරයේදීය.

    සිසුවා 23 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් ඔහු නාන කාමරයේ මුහුණ කට සෝදා ගැනීමට ගොස් සිටියදී සැකකරුද ඊට ඇතුළු වී සිසුවාට අතවර කර ඇති බව කුරුණෑගල පොලීසිය කියයි.

    සැකකරු අවුරුදු 35ක් වයසැති පන්ලියද්දේ පදිංචිකරුවෙකි.

    අද දිනයේ ඔහුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.