fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකත් අත්අඩංගුවට

    වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකත් අත්අඩංගුවට

    වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අද රාත්‍රී කාලයේදීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව කැදවා පැය 05කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

    වෛද්‍ය තුසිත සුදර්ශන මහතා පසුගිය දිනවල සිටියේ රටින් බැහැරවය.

    හෙට දිනයේ ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.