මියන්මාරයේ මියාවඩ්ඩි හි සයිබර් අපරාධ කඳවුරක සිරකරගෙන සිටියදී බේරාගැනුණු ලාංකිකයින් 8 දෙනා තායිලන්තය හරහා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට එරට රජය එකඟවී තිබේ.
ඒ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද(14) තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය පාර්න්ප්‍රී බහිද්ධා නුකාරා සමඟ දුරකතනයෙන් සාකච්ඡා කර ඇත.
දැනට මියන්මාර රජයේ ආරක්‍ෂාව යටතේ සිටින ශ්‍රී ලාංකිකයන් අට දෙනාට යැංගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පහසුකම් ඇතිව ආහාරපාන සහ මූලික අවශ්‍යතා ඇතුළු අවශ්‍ය ආධාර ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
යැංගොන් සහ බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව සහ ඉක්මනින් ආපසු ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා කටයුතු කරමින් සිටී.
සයිබර් අපරාධ කඳවුරේ ප්‍රදේශයේ සිරවී සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් බේරාගෙන නැවත ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ද අඛණ්ඩව කටයුතු කරමින් සිටී.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ සාර්ථක ශ්‍රී ලංකා සංචාරය ගැන සඳහන් කරමින්, ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම (SLSFTA) කඩිනමින් ක්‍රියාත්මක කිරීම සහ දෙදෙනා අතර අන්‍යෝන්‍ය වීසා රහිත වැඩපිළිවෙළක් සඳහා කටයුතු කිරීමට ද අමාත්‍යවරු දෙදෙනා මෙහිදී එකඟ වූහ.
දෙරට අතර පුනර්ජනනීය බලශක්ති සහ ධීවර ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද දුරකථන සංවාදයේදී සාකච්ඡා කෙරිණි.