2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කටඅධික ප්‍රමාණයක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පැමිණඇත.
2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ 132%ක ඉහල යෑමක් දක්නටතිබෙන බව වරාය වාර්තා කරයි.
මෙයටප්‍රධානහේතුව HIP හි නෞකා සඳහා තෙල් සැපයුම් හවුල්කරු සිනොපෙක් (Sinopec)සමාගම වෙළඳපොළ තුළ සක්‍රියව ක්‍රියාකාරීවෙමින් වරායේ වාණිජ මෙහෙයුම් අංශයට සැලකිය යුතු අමතර අගයක් එක්කිරීමය.
HIP විසින් 2023 වසරේ හසුරුවනලද සමස්ත තෙල් හා ගෑස් මෙහෙයුම් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 918,000 කි. ඒ, නෞකා සඳහා තෙල් සැපයුම් මෙට්‍රික්ටොන් 700,000 කුත්, LPG මෙට්‍රික්ටොන් 218,000ක එකතුවෙනි.
වරායේ බල ශක්ති සේවා අංශය එහි වර්ධනයට ඉතා වැදගත් අංගයක් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි,
“අප බලශක්ති අංශය සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරන අතර මෙම වසර තුළ 2023දී හැසිරවූ ධාරිතාවන් දෙගුණකිරීමට බලාපොරොත්තුවනවා. සිනොපෙක් හා හවුල්වීමත් සමග, ඉහළම සෞඛ්‍ය සහ ආරක්ෂාවන්ට අනුගතවෙමින්, ඉන්දියන් සාගරයේ බංකර් සැපයුම්වලට නවතම මුහුණුවරක්ගෙන ඒම අපගේ අපේක්ෂාවයි.’’
2023 ජූලි මස තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 35ක් වරායට පැමිණීමත් සමග එය වසර තුළවැඩිම නෞකා සංඛ්‍යාවක් පැමිණි මාසය බවට පත්විය. 2023 දී හැසිරවූ ප්‍රමාණයන්ට අනුව, 2022 ට සාපේක්ෂව නෞකා තෙල් සැපයුම් 250% ක සහ LPG හි 147% ක වැඩිවීමත් සමඟ 218% ක සමස්ත වර්ධනයක් වරාය ලබා ඇත.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ක්‍රියාශ්‍රීලී කණ්ඩායම බාධාවෙන් තොර උසස් තත්වයේ සේවාවන් සපයන බව ලංකා ෂිපින්ග් ඇන්ඩ් ලොජිස්ටික් ප්‍රයිවට්ලිමිට සමාගමේ විධායක අධ්‍යක්ෂ ට්‍රිලාන් පෙරේරා මහතා පවසයි. “නෞකා තෙල් සැපයීමේදී ආරක්ෂාවට, විශ්වසනීයත්වයට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවයට HIP ප්‍රමුඛත්වය දෙනවා. ගුණාත්මක භාවය සඳහා ඔවුන්ගේ කැපවීම අවධාරණයකරමින්, ලොව ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවන්ගෙන් විශ්වාසදායකව නිෂ්පාදන වරාය ලබාදෙනවා. නැගෙනහිර-බටහිර නැව් මාර්ගය ඔස්සේ උපාය මාර්ගිකව ස්ථානගතවීම, භූගෝලීය වශයෙන් වාසිදායකවනවාමෙන්ම වරායේ ගැඹුරු තෙල්ජැටි ඉහළ මට්ටමේ මෙහෙයුම් සැපයීමට තවත් ඉවහලක්. එමෙන්ම කර්මාන්තයන්හි වර්ධනය සැලකිල්ලට ගනිමින් තම ගබඩා ධාරිතාවද ඉහල නැංවීමට වරායකටයුතු කොට තිබෙනවා.’’