fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ජයගමු ශ්‍රී ලංකා' මීළඟ වැඩසටහන පුලතිසි පුරවරයට

    ‘ජයගමු ශ්‍රී ලංකා’ මීළඟ වැඩසටහන පුලතිසි පුරවරයට

    ‘ජයගමු ශ්‍රී ලංකා’ මීළඟ වැඩසටහන මාර්තු 16 සහ 17 දිනවල පොළොන්නරුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    පුලතිසිපුරවර ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ගේ සමාජ ආරක්ෂණය හා ගරුත්වය සහතික කරන ‘ගරු සරු’ වැඩසටහන පොළොන්නරුවේදී ද ක්‍රියාත්මක කෙරේ.

    “මෙතන ඉන්න වෘත්තීය පුහුණුව නැති, වෘත්තීය කරන අයට සහතිකපත්‍ර ලබා දීමත් අපි ආරම්භ කරනවා. ඔබට සීඩා ආයතනයේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔවුන් ඔබේ දැනුම පරීක්ෂා කර සහතිකපත් ලබා දෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් සමග සාකච්ඡා කරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් සමග එක් වෙලා ඔබට ගෙවන්න සූදානම්. සහතිකය තියෙනවා නම් ලංකාවේ වැඩ කරන්න පුළුවන්. පිටරට යනව නම් සහතිකය සමග එයත් පුළුවන්. රැකියාව සඳහා බලපත්‍රයක් ලබා දීම අපි සිද්ධ කරනවා. ඔබ ඒ සඳහා වියදම් කරන්න ඕන නෑ. ඒ සඳහා වන වියදම රජය, ජාත්‍යන්තර සංවිධාන, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දරන්න සූදානම්. මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන කිව්වේ. අනෙක් ක්ෂේත්‍රවල අයටත් තමන්ගේ සහතික ගන්න ඕන මුදල් ගෙවීම අපි සම්පාදනය කරනවා. මේ මුලපිරීමක් විතරයි. ” යනුවෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ඇතුගල් පුරයෙන් සාර්ථකව අවසන් කරන ලද ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන සමාරම්භක අවස්ථාවේදී ය.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේදීද විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව, පාසල් සිසුන්ට පාසල් උපකරණ, විගමණික ශ්‍රමික පවුල් වෙත රුපියල් දසදහසක වටිනාකමකින් යුත් සතොස වවුචර් ලබාදීම යනාදී සුභසාධන කටයුතු සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

    මීට ඉහත ක්‍රියාත්මක කළ පරිදි ස්වයං රැකියාවල නියුතු විගමණික ශ්‍රමිකයින්, මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර සිදු කරන විගමණික ශ්‍රමිකයන්ට ආධාර සහ ආබාධිත විගමණික ශ්‍රමිකයින්ට රෝද පුටු, ඇස් කණ්නාඩි මෙන්ම මූල්‍ය ආධාර ලබා දීමද පොළොන්නරුවේදී සිදු කෙරේ.

    විදේශ රැකියා අවස්ථා, විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව, පාසල් උපකරණ මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සහතික කරන වැඩසටහන් පෙර පරිදිම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ‘ජයගමු ශ්‍රී ලංකා’ අනුරාධපුරයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව වැල්ලවාය, කෑගල්ල, මහනුවර සහ කුරුණෑගල නගරවල සාර්ථක ලෙස අවසන් වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img