කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤවීසියේ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලට රැගෙන යාමට නියමිතය.
බොහෝ දුරට පොලිස් මූලස්ථානය එම ගොඩනැගිල්ල තුළ ලබන මැයි මාසය වන විට ස්ථාපිත කිරීමට පොලිස් බලධාරීන් සැළසුම්කරයි.
ගුවන් හමුදා මූලස්ථානය අකුරේගොඩට රැගෙන යාමෙන් අනතුරුව හිස් වූ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි අක්කර තුනක භූමිය සමග තට්ටු 12කින් යුක්ත ගොඩනැගිල්ල පොලීසියට භාරදීමේ නිල කටයුත්ත අද (15) දිනයේදී සිදුවිය.
ඊට අදාල ලේඛන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු අතර අද හුවමාරුවිය.
එම ලේඛන ගුවන් හමුදාවේ පරිපාලන අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිෂ් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොල සහ පොලිස් මූලස්ථාන පරිපාල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැළුම් තිලකරත්න මහත්වරු විසින් එම හුවමාරුවට පෙර අත්සන් තබනු ලැබීය.
පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල කොම්පඤ්ඤවීදියේ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් අනතුරුව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල එම ස්ථානයෙන් ඉවත්කිරීමට නියමිතය.
1988 හා 1993 අතර කාලයේදී මෙරට පොලිස්පතිධූරය දැරූ අර්නස් පෙරේරා මහතා විසින් දැනට පවතින පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කර තිබේ.
කොළඹ චෛත්‍ය පාර මැදිකොට මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ සිව් මහල් ගොඩනැගිල්ලක් ලෙසිනි.
පොලිස් මූලස්ථානය මෙම ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කරනු ලබන්නේ ස්ථිර ගොඩනැගිල්ලකට රැගෙන යන තුරු තාවකාලික පදනම මත යැයි ඉතිහාසය දන්නා විශ්‍රාමික පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම සඳහන් කළේය.
චන්ද්‍රිකා ආණ්ඩුව සමයේදී පොලිස් මූලස්ථානය ජාවත්තේ සළුසල ගොඩනැගිලි සංකීර්ණය පිහිටි භූමියේ ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුව තිබුණු බවද එම නිලධාරීන් සඳහන් කළේය.
එම භූම්යේ පොලිස් මූලස්ථානය වෙනුවෙන් මහල් 10ක ගොඩනැගිල්ලක් ඉදි කිරීමට සැළසුමක් පවා සකස්කර තිබූණු බව එම නිලධාරීන් සඳහන් කළහ.
පසු කාලයේ පොලිස් මූලස්ථානය අත්තිඩියේ පිහිටි පොලිස් ඇකඩමිය පිහිටි ගොඩනැගිලි සංකීර්ණයේ ස්ථාපිත කිරීම කෙරෙහිද අවධානය යොමුව තිබුණි.
පොලිස් මූලස්ථානය කොළඹ නගරයෙන් ඈතට රැගෙන යාම සුදුසු නොවන බවට වූ කථාබහක් සමඟ අත්තිඩියට පොලිස් මූලස්ථානය රැගෙන යාම ප්‍රමාද වී තිබුණි. ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල පොලිස් මූලස්ථානයට හිමිවන්නේ පොලිස් මූලස්ථානයකට උචිත ගොඩනැගිල්ලක් සහ භූමියක් පොලීසියට හිමිවෙමිනි.
පොලිස් මූලස්ථානයට මේ තුළින් ගාම්භීර පෙනුමක් ලැබෙන අතර පොලීසියේ පරිපාලන අංශ සියල්ලක්ම පාහේ මෙම ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කෙරෙනු ඇත.
පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤවීදියට රැගෙන යාමෙන් අනතුරුව පොලිස් මූලස්ථානය දැනට ස්ථාපිතකර ඇති ගොඩනැගිල්ල ඉවත්කර ච්‍යෛපාරද වාහන ගමනාගමනයට විවෘත කෙරනු ඇති බවට තොරතුරුද වාර්තාවේ.