බංග්ලාදේශයේ, පළමු ගොඩබිම් – මුහුදු ඒකාබද්ධ තෙල් ගබඩා සහ ප්‍රවාහන පද්ධතියේ වාණිජ මෙහෙයුම් ඇරඹේ.
2019 වසරේ දී ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය 2023 නොවැම්බර් මාසයේ දී අවසන් කෙරිණ. චීන රජය විසින් සපයන ලද ණය යෝජනා ක්‍රමයක් යටතේ, චීනයේ ආනයන – අපනයන බැංකුව සහ චීන ඛනිජතෙල් නලමාර්ග ඉංජිනේරු සමාගමේ සහයෝගයෙන් මෙය ක්‍රියාවට නංවනු ලැබීය.
නැවක අඩංගු තෙල් ටොන් 100,000 ක ප්‍රමාණයක් ගොඩබෑමේ සහ ප්‍රවාහන කාලය දින 11 ක සිට පැය 48 ක් දක්වා අඩුකෙරෙන අතිශය කාර්යක්ෂම සේවාවක් මෙම ව්‍යාපෘතිය මගින් සැපයේ. එමගින් වසරකට බොරතෙල් ප්‍රවාහන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 128 ක් රටට ඉතිරි වනු ඇත.
මෙහිදී තෙල් ගොඩබෑමේ සේවා පද්ධතියේ පිරිවැය අඩු වී වඩාත් කාර්යක්ෂම වන අතර, එය නවීන පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ද වනු ඇත. East Refinery Limited සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි Sharif Hasnat මහතා මාධ්‍ය වෙත පැවසුවේ මෙම ව්‍යාපෘතිය බංග්ලාදේශයේ ආර්ථිකයට මෙන්ම බලශක්ති සැපයුම් පද්ධතියට ඉහළ ධනාත්මක බලපෑමක් එල්ල කරන බව යි.
මෙම ව්‍යාපෘතිය මගින් රැකියා 4,000 ක් උත්පාදනය කර තිබීම ද විශේෂත්වයකි.