fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්දයාසිරිත් ඉල්ලා අස්වෙයි

    දයාසිරිත් ඉල්ලා අස්වෙයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ජයසේකර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කර ඇති බව දැනගන්නට ඇත.

    කොප් සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත්කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද කෝප් කමිටු සභික ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් දිනකට පසු දයාරිසි ජයසේකර මහතාගේ ඉල්ලා අස්වීම ද මෙසේ සිදු විය.

    නව සභාපතිවරයාගේ පත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහොමයකගේ විරෝධය එල්ල වී තිබේ.

    නව සභාපතිගේ ප්‍රධානත්වයෙන් යුතු කෝප් කමිටුවේ පළමු රැස්වීම අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img