fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදේශිකයන්ට ගුවන්තොටේදීම රියදුරු බලපත්

    විදේශිකයන්ට ගුවන්තොටේදීම රියදුරු බලපත්

    ලබන මස 15 වැනි දා සිට මෙරටට පැමිණෙන විදේශිකයන්ට ගුවන්තොටුපොළේදීම මෙරට රියැදුරු බලපත්‍රය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවයා පැවසුවේ, විදේශිකයින්ට, ගුවන්තොටුපොළේදීම ඒ සඳහා අයැදුම් කර, ඉන් පිටතට පැමිණෙන විට රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවයි.

    එමෙන්ම රිය අනතුරු වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    ඒ අනුව අනතුර සිදු වී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයැදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 5ක් දක්වා වන වන්දි මුදල ලබාගැනීමේ හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img