fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සියලුම පාසල්වල කනිෂ්ටයට අද ඉඳන් කෑමවේලක්

    සියලුම පාසල්වල කනිෂ්ටයට අද ඉඳන් කෑමවේලක්

    දිවයිනේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගනුම ලබන දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල අද (25) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට පෙර මෙම ආහාරවේල ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

    පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගෙන මෙම ආහාර වේල සකස් කෙරේ.

    රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා සියයට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු පාසල් ආවරණය වන පරිදි එම ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ.

    මේ සඳහා රුපියල් මිලියන 16,600ක මුදලක් අයවැය මඟින් සෘජුවම පළාත් සභා 09 වෙත වෙන්කර ඇති අතර ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු සංවිධාන කිහිපයක් අනුග්‍රහය දක්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img