fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්EPF එකට වැඩේ දුන් පොල් වගා මණ්ඩලයේ හිටපු ලොක්කා මාට්ටු

    EPF එකට වැඩේ දුන් පොල් වගා මණ්ඩලයේ හිටපු ලොක්කා මාට්ටු

    පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි 07කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එහි හිටපු සාමාන්‍යාධිකාරී කේ.ඩී. ලයනල් ධර්මසිරි (64)) මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණීජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

    දෙල්ගොඩ උඩුපිල පදිංචිකරුවෙක් වන ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අර්ථසාධක මුදල් 77,722,6911ක මුදල් වංචා කිරීම , නොකර හැරීම යන චෝදනා සම්බන්ධයෙනි.

    2015 සහ 2021 යන වර්ෂවල මෙම වංචාව සිදුව ඇත්තේ චෙක්පත් මගින් අර්ථ සාධක මුදල් වෙනත් අයට ලබාදෙමිනි.

    මෙම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව දිර්ඝ ලෙස ඒ ගැන විමර්ශන පවත්වා එහි ගණකාධිකර සහ සහකාර ගණකාධිකාර තනතුරුවල රැදී සිටි නිලධාරිනියන් දෙදෙනෙක් 2023 වසරේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් දෙදෙනාගේ නමින් රුපියල් ලක්ෂ 300කට ආසන්න මුදලක් චෙක්පත් අත්සන්කර ලබාදී ඇති බවද විමර්ශන වලින් හෙළිවී තිබුණි. මේ අය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. මෙසේ රක්ෂිත බන්ධනාගාරගතව තිබුණේ තමරා දිල්හානි සහ නීලා අතපත්තු යන දෙදෙනාය.

    අනතුරුව මෙම වංචාව සම්බන්ධයෙන් පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) අරුණ ශාන්ත ජගත්නාථ සිල්වා යන අයවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ ජූලි මාසයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය. එහිදී ඔහුවත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

    චෙක්පත් සදහා මුල් අත්සන් කරු ලෙස තම අත්සන යෙදීමට පෙර නිවරැදි පුද්ගලයින් වෙත එම චෙක්පත් යොමු වෙනවාද එම චෙක්පත් වල නම් සදහන් පුද්ගලයින් කවුරුන්ද යන්න සොයා බැලීම රාජකාරිමය වගකීමක් බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව අධිකරණයට ඉදිරිපත්කරමින් එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වනු ලැබීය.

    ඊට අදාලව හිටපු සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 22 වෙනිදා සවස් කාලයේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img