ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙන එනු ලබන කේරල ගංජා අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් කයිට්ස් පොලීසිය පෙරේදා (14) සවස අත්අඩංගුවට ගෙන ඇත.
කයිට්ස් පොලීසියට ලද තොරතුරකට අනුව කරෙයිනගර් වරිවලව් ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසිකර එහි තිබී කේරල ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 310ක් සොයා ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා ගැන තොරතුරු හෙළිවී තිබේ.
ගංජා සමග අත්අඩංගුවට ගත් 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන්ට මෙම ලබාදෙනු ලැබුවේ නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් බවය. ගංජා අලෙවිකර මුදල් ලබාදෙන ලෙස ඔහුන් පැවසූ බවත් ඒ අනුව මෙම ගංජා තොගය අලෙවි කිරීමට සිය නිවසේ තබාගත් බවය.
මෙම සැකකරු දිගින් දිගටම එම නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා සමඟ සම්බන්ධකම් පවත්වා ඇති බව ද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඒ අනුව කරෙයිනගර් එළාර නාවික හමුදා කඳවුරේ සේවයේ නිරත බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.
එම නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා අවුරුදු 37 සහ 26 යන වයස්වල පසුවන්නන්ය. ඔවුන් මෙසේ අලෙවි කිරීමට ලබාදී ඇත්තේ අල්ලාගන්නා කේරල ගංජාදැයි සොයා විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.