fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"අද මම නෙළුම් මාවත පැත්තෙ ගියෙත් නැහැ"

    “අද මම නෙළුම් මාවත පැත්තෙ ගියෙත් නැහැ”

    නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට අද (25) දින ඇතුළුවීමට නොදුන් බවට පැතිර යන ප්‍රචාරය ප්‍රතික්ෂේප කරන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු වන උදයංග වීරතුංග මහතා පවසයි.

    පසුගිය සතියේ උදයංග වීරතුංග මහතා සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ දී යම් මත ගැටුමක් ඇතිව තිබිණි.

    එදින ඇතිවූ සිද්ධියට මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබුණු අතර එය මුළුමනින්ම ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට සබැඳි කණ්ඩායම් විසින් ඉටුකරන ලද්දක් බවට උදයංග වීරතුංග මහතා චෝදනා කළේය.

    එවැනිම සිදුවීමකට අද දිනයේ ද උදයංග වීරතුංග මහතා මුහුණ දුන් බව දේශපාලන ආරංචි මාර්ග පැතිර ගියේය.

    NewsWave කළ විමසීමේ දී මුළුමනින්ම එය ප්‍රතික්ෂේප කළ උදයංග වීරතුංග මහතා “අද මම නෙළුම් මාවත පැත්තෙ ගියෙත් නැහැ” යැයි පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img