fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නයිට් ක්ලබ් පාක් එකේ සූර් මතින් පිස්සු නැටූ පොලිස් නිලධාරීන්ට වූ දේ..

    නයිට් ක්ලබ් පාක් එකේ සූර් මතින් පිස්සු නැටූ පොලිස් නිලධාරීන්ට වූ දේ..

    කොල්ලුපිටියේ පිහිටි ක්ලියෝ පැට්ට්‍රා රාත්‍රි සමාජ ශාලාවේ රථ ගාලේ බීමතින් අශෝබනව හැසිරෙමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    කෙලින් කටින් හිටගන්න නොහැකි වන ලෙස බීමතින් සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් අයෙක් මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි. අනෙත් නිලධාරියා අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල් රියදුරෙකි.

    පසුගිය 29 වෙනිදා අලුයම් කාලයේදී කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් යුක්තිය මෙහෙයුමට අදාලව රාජකාරියේ නිරතව සිටටියදී අදාල රාත්‍රී සමාජ ශාලා රථ ගාලේ රැදී සිටි සැකකටයුතු පිරිසක් පරීක්ෂාවට ලක්කර ඇත. ඒ අය අතර සිටි බීමත් පුද්ගලයින් දෙදෙනෙක් සිට ඇත්තේ කෙලින් කටින් සිටගෙන ඉන්නටද නොහැකි ආකාරයට අශෝබල ලෙස හැසිරෙමිනි.

    මෙම පුද්ගලයින් දෙදෙනාව පරීක්ෂා කිරීමට යාමේදී ඔවුන් පොලිස් නිලධාරීන්ට ඊට ඉඩ නොදී අසභ්‍ය වචන කියමින් බැන බදිමින් කෑකෝ ගසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකර ඇත. දැඩි පරීක්ෂමයක් දරා ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් කළ පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ ඔවුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බවය.

    මෙම පොලිස් කොස්තාපල්වරු දෙදෙනාගේ වෙරි හිදුණු පසු පොලිස් ඇප මත මුදා හැර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.