අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම දාගැබේ පැලුම් පරීක්ෂා කිරීම සඳහා ලබන 02 වැනිදා විශේෂ කණ්ඩායමක් අනුරාධපුරය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊට එක්වේ.
ඊට අමතරව දාගැබේ පැලුම් පරීක්ෂා කිරීමට පත්කළ විද්වත් කමිටුවේ සාමාජිකයින් ද ඊට එක්වනු ඇත.
සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ එය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ සඳහා කඩිනමින් යෙදිය යුතු ප්‍රතිකර්ම පිළිබඳ නිගමනයකට එළඹෙන බවයි.
ලොව විශාලතම ගඩොල් ස්මාරකය ලෙස සැළකෙන අනුරාධපුර යුගයේ මහසෙන් රජු විසින් ඉදි කළ ජේතවන දාගැබේ 2016 වසරේ මෙම පැලුම් හට ගත්තේ ය.
එය පාලනය සඳහා මේ වන විටත් මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර රැසක් ගෙන තිබේ.