fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ නිලධාරීන් පිරිසකට දිරි දීමනාවක්

    රජයේ නිලධාරීන් පිරිසකට දිරි දීමනාවක්

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කරයි.

    ඒ අනුව ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා රුපියල් 15,000ක මුදලක් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000ක මාසික දිරි දීමනාවක් ලබාදීමට කටයුතු කෙරේ.

    මාර්තු මාසයේ සිට මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙම දීමනාව ලබාදීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ පසුගියදා රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලැබී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.