fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෙල්යායේ පිදුරුගොඩට තැබූ ගින්නට හසුවී අයෙක් මරුට

    වෙල්යායේ පිදුරුගොඩට තැබූ ගින්නට හසුවී අයෙක් මරුට

    සේරුපිටිය විහාරස්ථානය අසල පිහිටි වෙල්යායේ තිබුණු පිදුරුගොඩක ගින්නකට මැදි වී 74 හැවිරිදි වියේ පසුවන පුද්ගයකු මියගොස් ඇත.

    සේරුපිටිය දමනේවෙල පදිංචිව සිටි ටී.එම්. ජයසේකර නැමැති ගොවියෙක් මෙසේ ගින්නට හසුවී මියගොස් තිබේ.

    මෙම පුද්ගලයා වෙල්යායේ පිදුරු ගොඩකට තැබූ ගින්න ඇවිලී වෙල්යාය පුරා පැතිර ගොස් ඇති බවත් ඊට හසුවී මෙම පුද්ගලයා පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය කියයි.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.