fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැපැල් ප්‍රමාදයි

    තැපැල් ප්‍රමාදයි

    තැපැල්කරුවන් ඇතුළු තැපැල් සේවකයින් 2000කට ආසන්න පිරිසකගේ පුරප්පාඩු පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලිපි බෙදාහැරීමට බාධා එල්ල වී තිබෙන බව තැපැල්පති පී. සත්කුමාර් මහතා පවසයි.

    තැපැල්කරුවන්ගේ හිඟය හේතුවෙන් දිනක ප්‍රමාදවීම් යටතේ, ඇතැම් පළාත්වල ලිපි බෙදීම සිදුවේ.

    ඒ හෙතුවෙන් කලාප වශයෙන් කොටස්කර ලිපිබෙදීමේ කටයුතු සිදු කරමින් ඇතැයි ද තැපැල්පතිවරයා කීය.

    බොහෝ නිලධාරීන් විශ්‍රාම යාම සහ නව බඳවාගැනීම් සිදු නොකිරීම හේතුවෙන් තැපැල් සේවයේ ඇතැම් සේවා පවත්වාගෙන යාමට බාධා එල්ල වී ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.