fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යාපනය ගුවන්තොට පෞද්ගලික අංශයට බදුදෙයි

    යාපනය ගුවන්තොට පෞද්ගලික අංශයට බදුදෙයි

    ප්‍රතිසංස්කරණය කෙරුණු යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පෞද්ගලික අංශයට බදු දීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

    ඒ සඳහා සුදුසු ආයෝජකයෙකු තොරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ ය.

    මේ අතර මත්තල ගුවන්තොටුපොළේ මෙහෙයුම් ඉන්දීය රුසියානු සමාගම් දෙකකට පැවරීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට යොමු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    ඒ අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.