fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන අලෙවිකරුවකුගෙන් අමුතු සොරකමක්

    වාහන අලෙවිකරුවකුගෙන් අමුතු සොරකමක්

    ජපානයේ කලක් රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ වාහන මිලදී ගෙන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින පුද්ගලයෙකු ඔහුට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයේ තබා තිබුනේ යැයි කියන රුපියල් ලපක්ෂ 170ක මුදල් බෑගයක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්බකර ඇත.

    මෙම සොරකම සිදුව ඇතැයි ව්‍යාපාරිකයා විසින් පොලීසියට පැමිණිලිකර ඇත්තේ පෙරේදා (10) රාත්‍රී කාලයේදීය.

    මාතලේ පදිංචිකරුවෙක් වන 40 හැවිරිදි ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත්තේ දින කිහිපයකට පෙර තමා මාතලේ පිහිටි බැංකුවකට පැමිණ රුපියල් ලක්ෂ 170ක මුදලක් ලබාගත් බවය. එම මුදල තමා ලබාගත්තේ වාහනයක් මිලද ගැනීමේ අපේක්ෂාවෙන් බවද සඳහන්කර ඇත.

    බෑගයක දැමූ මුදල් තිබී ඇත්තේ ඔහුට අයත් ප්‍රාඩෝ රථයේ දමාය

    වාහනය මිලදී ගැනීමට තවත් මුදල් අඩුපාඩුවක් පැවති බැවින් අලවතුගොඩ පොලිස් වසමේ පිහිටි අකුරණ, උඩවැලි කැටියේ පිහිටි නිවසක් වෙත මෙම ව්‍යාපාරිකයා ගියේ යැයි පැවසෙන්නේ ඔහුට අයවිය යුතු රුපියල් ලක්ෂ 4ක මුදලක් පුද්ගලයෙකුගෙන් ලබා ගැනීමටය. එහිදී ඇතිවුණු යම් සිදුවීමකින් අනතුරුව පිරිසක් තමාට පහරදුන් බවද ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත.

    පහරදීමෙන් සිදුවූ තුවාල සඳහා ප්‍රතිකාර ගැනීමට අකුරණ රෝහලට ගිය බවත් පසුව කළ පරීක්ෂා කිරීමේදී රථයේ තිබුණු මුදල් බෑගය අතුරුදන්ව ඇති බවත් ව්‍යාපාරිකයා පොලීසියට පවසා තිබේ.

    පහරදීම සම්බන්ධයෛන් සැකපිට දෙදෙනෙක් පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි. අවුරුදු 24ක් සහ 30ක් වයසැති ඔවුන් අකුරණ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img