fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සූර් මතින් අනතුරක් කොට මරණ තර්ජන කළ STF නිලධාරියෙක්

    සූර් මතින් අනතුරක් කොට මරණ තර්ජන කළ STF නිලධාරියෙක්

    බීමතින් මෝටර් රථයක් ධාවනයකර ගාල්ලේ පුද්ගලික බැංකුවක් ඉදිරිපිටදී යතුරුපැදියක් හා ගැටී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ මරදාන කඳවුරේ උප පොලිස් පරීක්ෂකවරයකු ගාල්ල පොලීසියේ නිලධාරීන් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

    මෙහිදී මෙම උප පොලිස් පරීක්ෂකවරයා යතුරුපැදියේ පැදිකාරි සමග බහින් බස් වී ඇයට මරණ තර්ජනයක්ද කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    එම යතුරුපැදිකාරිය කළුතර පොලිස් ශිෂ්‍ය භට කොට්ඨාශයේ සේවයේ නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ බිරිඳකි. ඇයට මරණිය තර්ජනය කර ඇත්තේ ඇගේ ස්වාමිපුරුෂයා මරාදමන බවට යැයි පොලීසිය කියයි.

    මෙම මරණ තර්ජනය ගැනද යතුරුපැදිකාරිය විසින් පොලීසියට පැමිණිලිකර තිබේ. ඒ අනුව බීමතින් වාහනයක් ධාවනය කිරීම හා මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකා උප පොලිස් පරීක්ෂකට එරෙහිව පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img