fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මධ්‍යම පළාත් රණවිරු සැමරුම මයිලපිටියේදී

    මධ්‍යම පළාත් රණවිරු සැමරුම මයිලපිටියේදී

    ජාතික රණවිරු සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය මයිලපිටිය රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (16) පැවැත්විය.

    මධ්‍යම පළාත් සභාව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව මෙම සැමරුම් උත්සවයේ සංවිධාන කොට තිබු අතර, මෙහිදී දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමින් උත්සවයේ කටයුතු ආරම්භ කළ අතර, දේශයේ විරුවන් වෙනුවෙන් පුෂ්පෝපාහාර පුද කරමින් ගෞරව දැක්වීමට ද කටයුතු කළේය.

    මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග අනාගත පරපුර වෙත දායාද නොකිරීමට සියලු පුරවැසියන් වගබලා ගත යුතු බවත්, ඒ සඳහා ආර්ථික, සමාජ හා දේශපාලන වශයෙන් රට ස්ථාවරත්වයට පත් කළ යුතු බවත් ය.

    රොඩු පොරොඩු ගග දියේ මතුවී පෙනෙන්නා සේ සමාජයේ රණවිරුවන් හා එකී නායකත්වය හා තරහින් වෛරයෙන් පෙළෙන කිහිප දෙනෙකුගේ බොල් හඩ මතුවී නැගෙන සමයක් පසු කරමින් සිටින බවත්, විරෝධාර රණවිරුවන් සිදුකළ කැපකිරීම් හමුවේ නිදහස් නිවහල් රටක් සියලු පුරවැසියන්ට හිමි ව ඇති බවත්, එය රැකගැනීම සදහා ඔවුන්ට ශක්තිය ලබාදීම අපගේ වගකීම බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.