fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය වනසන ප්‍රධානම සාධකය බෙදුම්වාදීන්" -චීනය

    “තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය වනසන ප්‍රධානම සාධකය බෙදුම්වාදීන්” -චීනය

    තායිවාන බෙදුම්වාදීන්ගේ ක්‍රියා, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමයට දැඩි ලෙස බලපාන විනාශකාරී සාධකය බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා කියාසිටී.

    විදේශ අමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද (21) කසක්ස්ථානයේ අස්තානා අගනුවර පැවති ශැංහයි සහයෝගිතා සංවිධාන විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක්වෙමිනි.

    තායිවාන ප්‍රශ්නය චීනය හා බැඳුණු කේන්ද්‍රීයම කරුණක් බව ද ඔහු එහිදී පැවසීය. තායිවානයේ ඊනියා නායකයා වැනි පුද්ගලයන් කරන්නේ සිය ජාතිය හා මුතුන් මිත්තන් පාවා දීමක් බව ද ඔහු පෙන්වා දෙයි. එහෙත් කෙතරම් උත්සාහ කළ ද චීනයේ පූර්ණ එක්සත්භාවයට බාධා කළ නොහැකිය. තායිවාන ප්‍රදේශය අවසානයේ මව්රටට නැවත එක්වනු ඒකාන්ත බව වං යී මහතා අවධාරණය කළේය.

    ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල්, එකම චීනය මූලධර්මය ගරු කිරීම ප්‍රශංසනීය බව ද චීන විදේශ අමාත්‍යවරයා කියාසිටියේය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img