රාජකාරි වේලාව තුළ හොර රහසේ පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ප්‍රදේශයේ නීති විරෝධි ක්‍රියාවල නිරතව සිටින පුද්ගලයකුගේ නිවසක රැදෙමින් මත්පැන් පානය කළ බිංගිරිය පොලීසියේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට කුලියාපිටිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඊයේ පියවර ගෙන තිබේ.
මෙසේ වැඩ තහනම්කර ඇත්තේ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේය.
මෙම නිලධාරීන් දෙදෙනා නීති කැඩීම් සම්බන්ධයෙන් කුප්‍රකට පුද්ගලයකු පදිංචිව සිටින බිංගිරිය කහවල වත්තේ පිහිටි නිවසට පසුගිය 23 වෙනිදා ගොස් මත්පැන් පානයකරමින් සිට ඇත. ඔවුන් දෙදෙනා මෙහි ගොස් ඇත්තේ රාජකාරියේ නිරතව සිටින අතර තුර යතුරු පැදියක නැගීය.
මේ ගැන බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව එහි ගොස් පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරුපැදිය අතහැර පළාගොස් ඇත. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය කියයි.