අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ විවිධ ප්රදේශවල සිදුවූ ගස් කඩාවැටීම් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉමදුව, බලංගොඩ, මාදම්පේ, නාත්තන්ඩිය, ආරච්චිකට්ටුව, වලපනේ සහ හපුතලේ යන ප්රදේශවලින් මෙම වාර්තා වී ඇත.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා ගස් 2,000කට අධික ප්රමාණයක් කඩාවැටී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.