සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය අද අලුයම 4.00 ට පමන කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී අනතුරකට ලක්ව ඇත.
ජිප් රථය හා යතුරුපැදියක් ගැටී මෙම අනතුර සිදුව ඇති බව නිට්ටඹුව පොලීසිය සඳහන් කළේය.
මහනුවර දෙස සිට කොළඹ දෙසට මන්ත්රීවරයා රැගත් ජිප් රථය ගමන්කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
යතුරුපැදිකරු බීමතින් සිට ඇති බව විමර්ශන වලින් පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.