අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී විස්සයි 20 ලෝක කුසලානයේ පළමු තරගයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව ඉදිරියේ අද (03) ලකුණු 77කට දැවී ගියේය.
කණ්ඩායමේ 11 දෙනාගෙන් ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හැකිවූයේ පිතිකරුවන් තිදෙනෙකුට පමණි. ඔවුන්ටද පන්දු සංඛ්‍යාවට ඉදිරියෙන් ලකුණු සංඛ්‍යාව තබන්නට නොහැකි විය.
කුසල් මෙන්ඩිස් පන්දු තිහක දී ලකුණු 19යි. ඇන්ජලෝ මැතිවුස් පන්දු දහසයකදී ලකුණු 16යි. කමිඳු මෙන්ඩිස් පන්දු පහළොවක දී ලකුණු 11යි.
ජයග්‍රහණය හඹායන දකුණු අප්‍රිකාව දැන් පිටියට පිවිස සිටියි.