fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පලස්තීන රාජ්‍යය පිළිගන්නැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයන්ගෙන් ඉල්ලීමක්

    පලස්තීන රාජ්‍යය පිළිගන්නැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයන්ගෙන් ඉල්ලීමක්

     
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් 20 කට අධික පිරිසක් පලස්තීන රාජ්‍යය පිළිගන්නා ලෙස ලොව සියලු රටවලින් ඉල්ලා සිටිති. ඊයේ (03) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුහු මේ බව කියාසිටියහ.
     
    එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 140 කට වැඩි සංඛ්‍යාවක් පලස්තීන රාජ්‍යය පිළිගෙන ඇති අතර, සියලුම රටවල් මෙම ප්‍රවේශය අනුගමනය කළ යුතු බව එම ප්‍රකාශයේ දැක්වෙයි.

    පලස්තීන රාජ්‍යය පිළිගැනීම පලස්තීනයේ සහ සමස්ත මැදපෙරදිග කලාපයේ තිරසර සාමය සඳහා සපුරාලිය යුතු පූර්ව අවශ්‍යතාවක් බව මෙම විශේෂඥයන් අවධාරණය කර ඇත. ගාසා තීරයේ යුද මෙහෙයුම් වහාම නතර කරන ලෙසත්, දකුණු ගාසා තීරයේ රෆා නගරයේ සිදු කරන හමුදා ආක්‍රමණ අවසන් කරන ලෙසත් ඔවුහු ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිති.
     
    මෙම වසරේ මැයි 10 වැනි දින පැවති, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 10 වැනි විශේෂ සැසිවාරයේ දී ද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දක්වා ඇති පරිදි පලස්තීනය එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක සුදුසුකම් සපුරාලන බව තීරණය කර ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img