fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තමන්ම ඇටවූ විදුලි උගුලට හිමිනම බිලිවෙයි

    තමන්ම ඇටවූ විදුලි උගුලට හිමිනම බිලිවෙයි

    ගම්මිරිස් අස්වැන්න සොර සතුරන්ගෙන් රැක ගැනීමට හිමි නමක් විසින් උන්වහන්සේ වැඩ සිටින නිවසක් වටා අටවා තිබුණු විදුලි උගුලකට හසුවී අපවත්ව ඇත.

    කොලොන්න, මඩුවන්වෙල, කෝන්ගස්තොට නිවසක වැඩ සිටි කොලොන්න සෝභිත හිමි මෙසේ අපවත්ව ඇති බව කොලොන්න පොලීසිය සඳහන් කළේය.

    උන්වහන්සේ වැඩ සිටින්නේ නිවසක බව පොලීසිය කියයි. එම නිවසේ කාමරයක ගම්මිරිස් අස්වැවැන්න ගබඩාකර තිබී ඇත.

    එම ගම්මිරිස් අස්වැවැන්න රැක ගැනීමට හිමි නම විසින් විදුලි රැහැන් ඇද විදුලි උගුලක් අටවා තිබී ඇත. එම විදුලි උගුලටම උන්වහන්සේ හසුවී අපවත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.